RSS Feeds

Thursday, December 31, 2009

3D Studio Max අරාම්භක පාඩම- හැදින්වීම

3DStudioMaxයනු ලොව ප්‍රමුඛපෙළේ ත්‍රිමාණ සජිවීකරණ මෘදුකාගයක් වේ .වෙළෙදදැන්වීම් ,රූපවාහිනී වැඩසටහන් හා  ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට සෑදීමට මෙම මෘදුකාංගය භාවිතා වේ මෙයින් සිදු කරන නිර්මාණ ඉතාමත් තාත්විකව නිර්මාණය කිරීමට මෙම මෘදුකාංගය සහය දක්වනු ලබයි.

ශ්‍රි ලංකාවේ රෑපවාහිනි නාලිකා වල දැන්වීම් සදහා බොහෝ විට මෙම මෘදුකාංගය භාවිතා කරනු ලබයි. එයට බොහෝ ලෙසින් බලපා ඇත්තේ මෙම මෘදුකාංගය භාවිතාකිරීමේ පහසු බවයි. මෙම මෘදුකාංගයේ තිර මුහුණත (Interfaceඑකේ සංකිර්ණ බවක් පෙනුනද පියවරෙන් පියවර ඉගනගතහොත් ඉතා පහසුවෙන් මෙම මෘදුකාංගය පිළිබද වැඩි දැනුමක් ලබා ගත හැකිය.


ලෝක ප්‍රසිද්ධ සිනමා කෘති සදහාද මෙම මෘදුකාංගය යොදා ගෙන ඇත.

3ds Max මගින් යම් නිර්මාණයක් කිරීමේදී එය ප්‍රධාන වශයෙන් කොටස්
කිහිපයකට සිදුකල යුතුය. ඒවා පහත දැක්වේ.

1. Modeling - මූලික හැඩතල වලින් නිර්මානයේ අකෘතිය ගොඩ නගා ගැනීම.මෙයින් අදහස් වේ

2. Material Editing - නිර්මාණයට යම් තාත්වික බවක් එන අකාරයට විවිධTexturing වර්ග එක්          කිරීම.බොහෝ විට මෙයට වෙනත් Graphic Editingමෘදුකාංගයක සහය ලබා ගැනීමට සිදු වේ

3. Lighting - නිර්මාණය අලෝකකරණය කිරීම. මෙයින් අදහස් වේ.

4. Animation - සජීවී කරනය කිරීම මෙයින් අදහස් වේ.

5. Rendering - සාදාගත් නිර්මාණයෙන් Out put එකක් ගැනීම මෙයින් අදහස් වේ.

ඉදිරි ලිපිවලින් ඉහත කොටස් පිළිබදව උදාහරණ සහිතව හදුනා ගනිමු.

මීලග ලිපිවලින් 3ds Max පිළිබද පාඩම් සරලව ගෙන එනු ඇත.මීලග ලිපියෙන් 3ds Max Install කරන අකාරය සලකා බලමු. 

ලබන්නා වූ 2010 වසර ඔබ සැමට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා !

4 ප්‍රතිචාර:

Kasun Nadeeshana said...

කියවලා ප්‍රතිචාරයක් දලාම යන්න.ඔබ සැමට සුභ නව වසරක් වේවා!

RuwanDj said...

උබ වැඩේ අතැරියෙ නෑනේ??

Anonymous said...

good luck bro

Anonymous said...

http://lankanvfx.blogspot.com

Post a Comment

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.