RSS Feeds

Thursday, January 28, 2010

3Ds Max වලින් ත්‍රිමාණ මේසයක් සෑදීමේ පාඩම සදහා වීඩීයෝ එකක්

ගියපාර ලිපියෙන් මම 3Ds Max වලින් ත්‍රිමාණ මේසයක් හදන විදිහ කියලා දුන්නා. නමුත් මගේ නෙට් කනෙක්ෂන් එකේ ඇති වෙච්ච අලයක් නිසා එකේ වීඩීයෝ එක දාන්න බැරි වුනා. අද මම තිරණය කලා වීඩීයෝ එක අප්ලෝඩ් කරන්න.

මෙච්චර කල් මගේ 3Ds Max වීඩීයෝ අප්ලොඩ් කලේ ziddu.com එකට නමුත් ziddu.com එකෙන් file එකක් බාන කොට ඇති වෙන ප්‍රශ්නයක් තමා ‍නෙට් කනෙක්ෂන් එකේ හරි අලයක් හින්දා හරි පරිගණකය රිස්ටාර්ට් උනොත් හරි අර file එකේ බාපු තැන ඉදලා ඉස්සරහට කරගෙන යන්න අමාරුයි. ආයිත් මුල ඉදලා බාන්න වෙනවා. (අපේ රටේ අන්තර්ජාල සේවා දායකයන්ගේ නෙට් කනෙක්ෂන් වල නම් එහේම අල වෙන්නේ නෑනේ :) )

මේක අපලොඩ් කලේ mediafire.com වලට එකේන් නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ප්‍රශ්නයක් වුනොත් කියන්න.

මේ දවස්වල මම 3Ds Max Self Learing Software එකක් හදාගෙන යනවා. දැනට ටිකක් ඉවරයි. ඉතුරු ටිකත් ඉවර කරලා මේ බ්ලොග් එකෙන්ම නොමිලේ දෙන්න බලා පොරොත්තු වෙනවා. ඒක ගොඩක් අයට ප්‍රයෝජන වෙයි කියලා හිතනවා. මේ ගෙන ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර ඉතාමත් වටිනවා.

පහල තියෙන ලිනක් එකෙන් 3Ds Max වලින් ත්‍රිමාණ මේසයක් සෑදීමේ වීඩීයෝ එක Download කරගන්න.


Sunday, January 24, 2010

3Ds Max වලින් සරල ත්‍රිමාණ මේසයක් නිර්මාණය කරගනිමු

ගියවර මම කියලා දුන්නා 3Ds Max වල පොලිගන් ක්‍රමය මගින් සරල ත්‍රිමාණ ‍පුටුවක් නිර්මාණය කරන
අකාරය.එහි වීඩීයෝ එකකුත් ලබා දුන්නා. ‍අද කියලා දෙන්න හදන්නේ පොලිගන් ක්‍රමයම භාවිතා කරලා
සරල ත්‍රිමාණ මේසයක් නිර්මාණ කරන විදිහ.

අද මෙහි වීඩීයෝ එක අප්ලෝඩ් කරන්න හැදුවත් නෙට් එක ‍පොඩ්ඩක් ස්ලෝ ඒක නිසා අප්ලෝඩ් කරගන්න බැරි වුනා. මේ පෝස්ට් එක දැම්මෙත් ලොකු ගේමක් දීලා. මේකට අදාල වීඩීයෝ එක ඊලග පොස්ට් එකෙත් දෙන්නම්. ඒ ගැන මේක කියවන අයගෙන් සමාව වෙන්න ඔනේ. ගැටළුවක් තියෙනවා නම් ප්‍රතිචාරයක් දාන්න.

මුලින්ම 3Ds Max විවෘත කරගන්න.කලින් පාඩමේ මෙන්create-->standerd parameters--> Box
යන්න මගින් බොකස් එකක් නිර්මාණය කරගන්න නැතිනම් command panel එකේ create එකේ Box යන්න මගින් Box මගින් Box එකක් නිර්මාණය කරගන්න. command panel එකේ modify ටැබ් එක මගින් parameters පහත පරිදි වෙනස් කරගන්න.

දැන් කලින් පාඩමේ මෙන් Box එක මත Right click කර ලැබෙන් මෙනුවෙන් convert to--> convert to editable polyයන පියවර ඔස්සේ Box එකට පොලිගන් වීධානය ලබා දෙන්න.

දැන් කලින් පාඩමේ මෙන් top view එක මත Right click කර ලැබෙන් මෙනුවෙන් views--> Bottom යන පියවර ඔස්සේ top view එක Bottom view ලෙස පරිවර්ථනය කරගන්න.(ඒBox එකේ යට කොටස් බලා ගැණීම සදහාය) දැන් මේසයේ කකුල් නිර්මාණය කර ගනිමු.

දැන් Bottom view එකේ සිටියදීම modify ටැබ් එකට ගොස් selection යටතේ ඇති පොලිගන් බොත්තම ක්ලික් කරන්න.දැන් key board එකේ ctrl key එක ඔබාගෙන පහත රෑපයේ මෙන් පොලිගන් හතරක් select කරගන්න (select කර ගැනීම යනු ක්ලික් කිරීමයි )

දැන් modify ටැබ් එ‍‍කේ Extrude බට්න් එක ක්ලික් කර කලින් select කරගත් පොලිගන් එකක් මතට ‍මවුස් එක ගෙන යන්න.එවිට මවුස් අයිකන් එක වෙනස් වෙනු පෙනේ දැන් මවුස් එක ක්ලික් කරගෙනම පහලට අදින්න.අවශ්‍ය තරමට මේසයේ කකුල් දික් කරගත් පසුව මවුස් එක අතහරින්න.
දැන් මේසයක අකෘතියක් නිර්මාණය වී ඇත.

Standed tool Bar එකේ ඇති quik render tool එක මගින් render piview එකක් බලන්න.
පහත අකාරයේ පෙනුමක් ලැබෙනු ඇත. අවේ නැත්නම් කියන්න. :P


මේ ලිපිය පිළිබද ඔබේ ප්‍රතිචාරය සටහන් කරන්න අමතක කරන්න එපා.

Thursday, January 14, 2010

3dS Max වලින් සරල නිර්මාණයක් සිදු කරමු

ගියවර ලිපියෙන් 3dS Max මූලික තිරයේ කොටස් ගෙන වීඩීයෝ එකක් ලබා දුන්නා.
අද 3dS Max වලින් ආරම්භක අභ්‍යාසය ලෙස පොලිගන් ක්‍රමයෙන් සරල ත්‍රිමාණ පුටුවක්
නිර්මාණය කරමු.(මේ සම්බන්ධව වීඩීයො‍් එකක් පහල ලබා දී ඇත)

3dS Max වලින් බොහෝ විට වස්තූන් නිර්මාණය කිරීමේදී යොදා ගනු ලබන්නේමූලික හැඩතල(ගණක ,සිලින්ඩර,ගෝල වැනි දේ) නිර්මාණය කර විවිධ විධාන මගින්ඒවා සියුම් ලෙස කිරීමෙනී.ත්‍රිමාණ මිනිස් අකෘති හා යාන වාහන වැනි මේ ඉතා සංකිර්ණ වස්තූන් ද මෙලෙස නිර්මාණය කර ගනී.මෙලෙස ත්‍රිමාණ අකෘති නිර්මාණයට පොලිගන් ක්‍රමයද බෝහෝ විට යොදා ගනී

‍මොකක්ද මේ පොලිගන් (polygon) ක්‍රමය කියන්නේ.

පොලිගන් ක්‍රමයේදී මූලික වශයෙන් සිදු කරනු ලබන්නේ මූලික ජ්‍යමිතික හැඩතලයක් ගෙන
එය ‍අවශය පරිදි වෙනස් කර අපට අවශය වස්තුව නිර්මාණය කර ගැනීමයි.මෙම නිර්මාණයේදී
මෙම ක්‍රමය පැහැදිලි වනු ඇත. (වීඩීයෝ එක බලන්න)

පොලිගන් ක්‍රමය මගින් සරල පුටුවක අකෘතියක් නිර්මාණය කිරීම.

මුලින්ම 3dS Max විවෘත කරගන්න.ඉන් පසු comand panel එකේ create යටතේ ඇති Box යන්න click කර Top view එක Active කර ඒ මත Box එකක් ඇද ගන්න(අපහැදිලි නම් වීඩීයෝ එක බලන්න)



ඉන් පසුව comand panel එකේ modify ටැබ් එකට ගොස් එහි parameters යටතේඇති. අගයන් සදහා පහත අගයන් ලබා දෙන්න.


මුලින්ම පුටුවේ කකුල් නිර්මාණය කර ගනිමු. මෙහිද සිදු කරනු ලබන්නේ Box එකේ යට පැත්තේ කොන් හතරේ ඇති පොලිගන් දික් කර පුටු කකුල් නිර්මාණය කර ගැනීමයි.දැන් select and Move tool එක මගින් Box එක තෝරා බෝකස් එක මත Right click කර ලැබෙන මේනු එකෙන් Convert to ---> Editable poly යන විධානය ලබා දෙන්න.

Box එකේ යට පැත්ත බලා ගැනීමට Top view එක Bottom view එක ලෙස පරිවර්ථර්‍‍නය කර ගනිමු. ඒ Box එ‍කේ ය‍ට පැත්ත බලා ගැනීමටයි. ඒ සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.ඉන් පසුව Top view එකේ Top යනුවෙන් නම් කර ඇති ස්ථානයට මවුස් එක ගෙනගොස් Right click කර view යටතේ ඇති Bottom යන්න තෝරන්න.

comand panelඑකේ selection යටතේ ඇති රතු පැහැති polygon නම් කොටුව තෝරා
පහල රෑපයේ දැක්වෙන අකාරයට Box එකේ පොලිගනයක් හතර කී බෝඩ් එකේ Crt key එක ඔබාගෙන
තොරාගන්න(අපහැදිලි නම් වීඩීයෝ එක බලන්න)



දැන් comand panel එකේ ඇති Extrude යනුවෙන් ඇති බට්න් එක තෝරා select කරන ලද පොලිගනයක් අසලට ගෙන එන්න.එවිට මවුස් පොයින්ට් එක මාරු වේ. දැන් මවුස් එක ක්ලික් කරගෙනම පහලට අදින්න. අවශ්‍ය පරිද ඇද මවුස් එක අතහරින්න.දැන් පුටු කකුල් නිර්මාණය වී තිබේවි.


පුටුවේ ඇන්ද නිර්මාණය සදහාද මෙම විධානයම යොදා ගත හැකිය. ඒ සදහා පහත පෙන්වා තිබෙන පොලිගන් තෝරා පෙර පරිදි Extrude විධනය මගින් පුටුවේ ඇන්දද නිර්මාණය කරගන්න.දැන් සරල ත්‍රිමාණ පුටුවක අකෘතියක් නිමවා අවසන්


මේ පිළිබදව ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න.ඊලග ලිපියෙන් මෙවැනිම අභ්‍යාසයක් බලා පොරොත්තු වන්න. පහල ඇති ලිනක් එක මගින් වීඩීයෝ බා ගන්න.

Download කිරීම සදහා ලිනක් එක මත click කරන්න(Download කිරීම ගැටළු සහිත නම් ප්‍රතිචාරයක් දාන්න)

3dsMaxlessonmodeling3dsmax.si.blogspot.com.zip




Download කරගෙන ප්‍රතිචාරයක් සටහන් කරන්න අමතක කරන්න . එපා.

Wednesday, January 13, 2010

3D Studio Max මූලික කරුණු ගෙන වීඩීයෝ එකක්

ඔන්න මම තිරණය කලා 3D Studio Max මුල ඉදලා ඉගෙන ගන්න නවකයන්ට පසුගිය ලිපි වලින් කියාදුන් 3D Studio Max මූලික තිරයේ කොටස් කිහිපය ගෙන වීඩීයෝ එකක් දෙන්න. මේක ගොඩක් අයට ප්‍රයොජනවත් වෙයි කියලා හිතනවා. මුලින්ම කියන්න ඕනේ 3D Studio Max කියන්නේ මූල සිට හොදින් ඉගෙන ගතහොත් ඉගෙන ගන්න අමාරු මෘදුකාංගයක් නොවේ.

මම 3D Studio Max ඉගෙන ගත්තේ තනියම ඊට පස්සේ වැඩිදුර කොටස් නෙට් එකෙන් තමයි ඉගෙන ගත්තෙ.
ඒක නිසා මූලික කොටස් ඉගෙනගත්තම වැඩිය අමාරු වෙන්නේ නැහැ. මම දිගටම මේ විදිහට 3Ds Max වීඩීයෝ ගෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ගෙන ප්‍රතිචාරයක් එකතු කරන්නඅමතක කරන්න එපා. ඒවා මේ බ්ලොග් එකේ පාඩම් පැහැදිලිව ගෙන්න ගොඩක් වැදගත්.

වීඩීයෝ එකේ නම් සද්දේ පොඩ්ඩක් විතර අඩුයි. ඊලග වීඩීයෝ එකෙන් ඒක හරිගස්සගන්නම්. පලවෙනි වීඩීයෝ එක‍නේ.



පහල තියෙන ලින්ක් එක ක්ලික් කරලා .swf පයිල් ඒක බාගන්න.
මේක Rar පයිල් එකක් විදිහ‍ට තමයි තියෙන්නේ ඒක Estrac කර ගන්න. .swf එක නම් vlc Player එකේ හරි Stom codec වගේ Player වලත් Play වෙනවා. ගැටළුවක් උනොත් ප්‍රතිචාරයක් දාන්න.

නැතනම් Rar පයිල් එකේ තියෙන .html පයිල් එක web Browser එකෙන් Open කරන්න.
ගැටළුවක් උනොත් ප්‍රතිචාරයක් දාන්න.


3D Studio Max Basic video Traning (ලිනක් එක ක්ලික් කරලා බාගන්න)





බාගෙන ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා.

Wednesday, January 6, 2010

3Ds Max වල මූලික තිරය හදුනාගනිමු - අවසාන කොටස


ගියවර ලිපි කිහිපයකින් 3ds Max වල මූලික තිරයේ කොටස් කිහිපයක් හදුනා ගන්නා ලදි. අද ඉතිරි කොටස් ගෙන අවධානය යොමු කරමු. ගියවර ලිපිවලට පිවිසීමට පහත Link වල Click කරන්න.

1. 1. මුලික තිරය හදුනා ගනිමු I

2. 2. මුලික තිරය හදුනා ගනිමු II

හොදයි මුලින්ම 3ds Max වල දකුණු පස ඇති Command Panels වලට අවධානය යොමු කරමු. (පහත රෑපය බලන්න)


Command Panel වල ඇති ප්‍රධාන කොටස් දෙක හදුනා ගමු.

මුලින්ම ඇති ඊතලයක සලකුණCreate Tab එක වේ. මෙයින් සිදු කරනු ලබන්නේ වස්තුන් නිර්මාණය කිරීමයි. මෙම Tab එක තුළ විවිධ කැටගරීස් වලට විවිධ වස්තූන් වෙන් කර ඇත. උදාහරණයක් ලෙසGeometry, Shapes, Lights, cameras , ආදි ලෙස වෙන් කර ඇත.

මීළගට ඇත්තේ Modify Tab එකයි. නිර්මාණය කරනු ලබන වස්තූන් වලට විවිධ වෙනස් කම් සිදු කරනු ලබන්නේ මෙම Tabඑකෙන් වේ.

Command Panel එකේ ඉතිරි කොටස් ගෙන ඉදිරි පාඩම් වලදී හදුන්වාදෙනු ඇත.

දැන් View Port ගෙන හදුනා ගනිමු. View Port යනු 3ds Max තිරයේ Top, Front, Left, Perspective, ලෙස සදහන් වන ඒවයි.(පහල රෑපය බලන්න.එහි නිල් පාටින් දක්වා ඇත්තේView Port වේ.) එනම් එකම වස්තුව පෙනෙන විවිධ පැති වේ. යම් View Port එකක් වටේ කහ පාට ඉරි වලින් වට වී තිබේ නම් එය Active වී තිබීම ලෙස හදුන්වයි. යම් View Port එකක් Active කිරීමට අවශ්‍යය නම් මවුස් එක View Port එක මතට ගෙන ගොස් Right click කරන්න. පහත රෑපයේ Active වී ඇත්තේ Perspective View එකයි.

මීළගට 3ds Max වල දකුණු පස යටින්ම ඇති View Port Navigation Controls ගෙන හදුනා ගනිමු. ( පහත රෑපය බලන්න.)

මෙම Controls භාවිතා කරන්නේ 3ds Max වල View Port පාලනය කිරීමටයි (View Port ගෙන ඉහත හදුන්වා දී ඇත)එහි ඇති Tool එකින් එක හදුනා ගනිමු.

*පහත රෑප බලන්න.

-- මෙය Zoom tool එක ලෙස හැදින්වේ. මෙයින් සිදු කරනු ලබන්නේ Active කර තිබෙන View Port එක විශාල හා කුඩා කිරීමයි.
- මෙය Zoom All tool එකයි. සියළුම View Port එකවර විශාල කිරීමට හා කුඩා කිරීමට භාවිතා කරනු ලබයි.
- මෙය Zoom Extents tool එක වේ. මෙය භාවිතා කරනු ලබන්නේ Active කර තිබෙන View Port එකේ ඇති සියළුම වස්තුන් එකවර දරශනය කර ගැනීමටයි.(අත්හදා බලන්න.)

-
- මෙය Field-of-view tool එකයි. මෙහි කාර්ය Zoom tool එකට මදක් සමානය.
-
-
මෙය Min/Max Toggle tool එක ලෙස හදුන්වියි. මෙයින් සිදු කරනු ලබන්නේ View Port එකක් මුළු තිරයේම දර්ශනය කිරීම හා නැවත පෙර තත්වයට View Port ගෙන ඒමටයි.

මීළගට Time Line හා Time slider පිළිබදව හදුනා ගනිමු. මෙම Controls පහත රූපයේ දක්වා ඇත.

Time slider මගින් සිදු කරන්නේ ලබන්නේ Animation සිදු කරන විට Time Line එකේ අවශ්‍යය රෑප රාමු වෙත ගෙන යාමයි. මෙය මවුස් එක මගින් ක්ලික් කරගෙන ඇදගෙන යා හැකිය.

Time Line එක 10 කොටස් 10 කට බෙදා ඇත මෙය Animation සිදු කරන විට භාවිතා කරයි.

දැන් 3ds max වල Time Controls එක පිළිබද හදුනා ගනිමු (View Port Navigation Controls වලට වම් පැත්තේ ඇති) (පහත රෑපයේ දක්වා ඇති)

.
මෙම Controls භාවිතා කරනු ලබන්නේ Time Line එක පාලනය කිරීමටයි එම Controls එකින් එක හදුනා ගනිමු. පහත රෑප බලන්න.

- Go to start - Time Line එකේ ආරම්භක රෑප රාමුවට Time slider ගෙන යයි.

- Previous Frame - Time Line එකේ පසු පස රෑප රාමුවට Time slider ගෙන යයි.
- Play-සාදා ගත් Animation එක Play කිරීමට භාවිතා කරයි.
- Next Frame - Time Line එකේ ඉදිරි රෑප රාමුවට Time slider ගෙන යයි.
- Go to End - Time Line එකේ අවසන් රෑප රාමුවට Time slider ගෙන යයි.
- මෙය ක්ලික් කල විට Next Frame සහ Previous Frame යන Controls දෙක Next Key සහ Previous Key ලෙස මාරුවෙයි. එනම් පසු පස Key එකට සහ ඉදිරි පස Key එකට Time slider එක ගෙන යාමට භාවිතා කරයි. (Key පිළිබදව Animation පාඩම් වලදී හදුන්වාදෙනු ඇත.)

-- මෙම Text Box එකේ යම් රෑප රාමුවක අංකයක් Type කර Enter කල විට එම රූප රාමුවට Time slider එක ගෙන යයි. එනම් 50 Type කර Enter කල හොත් 50 වෙනි රූප රාමුවට Time slider එක ගෙන යයි.


දැන් 3D Studio Max වල මූලික තිරයේ ප්‍රධාන කොටස් සියල්ල හදුනා ගෙන අවසන්. ඉතිරි කොටස් ඉදිරි ලිපිවල සිදුකරනු ලබන අභ්‍යාසවල විස්තර කරනු ඇත. ඊලග ලිපියෙන් හමු වෙමු.