RSS Feeds

Thursday, January 14, 2010

3dS Max වලින් සරල නිර්මාණයක් සිදු කරමු

ගියවර ලිපියෙන් 3dS Max මූලික තිරයේ කොටස් ගෙන වීඩීයෝ එකක් ලබා දුන්නා.
අද 3dS Max වලින් ආරම්භක අභ්‍යාසය ලෙස පොලිගන් ක්‍රමයෙන් සරල ත්‍රිමාණ පුටුවක්
නිර්මාණය කරමු.(මේ සම්බන්ධව වීඩීයො‍් එකක් පහල ලබා දී ඇත)

3dS Max වලින් බොහෝ විට වස්තූන් නිර්මාණය කිරීමේදී යොදා ගනු ලබන්නේමූලික හැඩතල(ගණක ,සිලින්ඩර,ගෝල වැනි දේ) නිර්මාණය කර විවිධ විධාන මගින්ඒවා සියුම් ලෙස කිරීමෙනී.ත්‍රිමාණ මිනිස් අකෘති හා යාන වාහන වැනි මේ ඉතා සංකිර්ණ වස්තූන් ද මෙලෙස නිර්මාණය කර ගනී.මෙලෙස ත්‍රිමාණ අකෘති නිර්මාණයට පොලිගන් ක්‍රමයද බෝහෝ විට යොදා ගනී

‍මොකක්ද මේ පොලිගන් (polygon) ක්‍රමය කියන්නේ.

පොලිගන් ක්‍රමයේදී මූලික වශයෙන් සිදු කරනු ලබන්නේ මූලික ජ්‍යමිතික හැඩතලයක් ගෙන
එය ‍අවශය පරිදි වෙනස් කර අපට අවශය වස්තුව නිර්මාණය කර ගැනීමයි.මෙම නිර්මාණයේදී
මෙම ක්‍රමය පැහැදිලි වනු ඇත. (වීඩීයෝ එක බලන්න)

පොලිගන් ක්‍රමය මගින් සරල පුටුවක අකෘතියක් නිර්මාණය කිරීම.

මුලින්ම 3dS Max විවෘත කරගන්න.ඉන් පසු comand panel එකේ create යටතේ ඇති Box යන්න click කර Top view එක Active කර ඒ මත Box එකක් ඇද ගන්න(අපහැදිලි නම් වීඩීයෝ එක බලන්න)



ඉන් පසුව comand panel එකේ modify ටැබ් එකට ගොස් එහි parameters යටතේඇති. අගයන් සදහා පහත අගයන් ලබා දෙන්න.


මුලින්ම පුටුවේ කකුල් නිර්මාණය කර ගනිමු. මෙහිද සිදු කරනු ලබන්නේ Box එකේ යට පැත්තේ කොන් හතරේ ඇති පොලිගන් දික් කර පුටු කකුල් නිර්මාණය කර ගැනීමයි.දැන් select and Move tool එක මගින් Box එක තෝරා බෝකස් එක මත Right click කර ලැබෙන මේනු එකෙන් Convert to ---> Editable poly යන විධානය ලබා දෙන්න.

Box එකේ යට පැත්ත බලා ගැනීමට Top view එක Bottom view එක ලෙස පරිවර්ථර්‍‍නය කර ගනිමු. ඒ Box එ‍කේ ය‍ට පැත්ත බලා ගැනීමටයි. ඒ සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.ඉන් පසුව Top view එකේ Top යනුවෙන් නම් කර ඇති ස්ථානයට මවුස් එක ගෙනගොස් Right click කර view යටතේ ඇති Bottom යන්න තෝරන්න.

comand panelඑකේ selection යටතේ ඇති රතු පැහැති polygon නම් කොටුව තෝරා
පහල රෑපයේ දැක්වෙන අකාරයට Box එකේ පොලිගනයක් හතර කී බෝඩ් එකේ Crt key එක ඔබාගෙන
තොරාගන්න(අපහැදිලි නම් වීඩීයෝ එක බලන්න)



දැන් comand panel එකේ ඇති Extrude යනුවෙන් ඇති බට්න් එක තෝරා select කරන ලද පොලිගනයක් අසලට ගෙන එන්න.එවිට මවුස් පොයින්ට් එක මාරු වේ. දැන් මවුස් එක ක්ලික් කරගෙනම පහලට අදින්න. අවශ්‍ය පරිද ඇද මවුස් එක අතහරින්න.දැන් පුටු කකුල් නිර්මාණය වී තිබේවි.


පුටුවේ ඇන්ද නිර්මාණය සදහාද මෙම විධානයම යොදා ගත හැකිය. ඒ සදහා පහත පෙන්වා තිබෙන පොලිගන් තෝරා පෙර පරිදි Extrude විධනය මගින් පුටුවේ ඇන්දද නිර්මාණය කරගන්න.දැන් සරල ත්‍රිමාණ පුටුවක අකෘතියක් නිමවා අවසන්


මේ පිළිබදව ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න.ඊලග ලිපියෙන් මෙවැනිම අභ්‍යාසයක් බලා පොරොත්තු වන්න. පහල ඇති ලිනක් එක මගින් වීඩීයෝ බා ගන්න.

Download කිරීම සදහා ලිනක් එක මත click කරන්න(Download කිරීම ගැටළු සහිත නම් ප්‍රතිචාරයක් දාන්න)

3dsMaxlessonmodeling3dsmax.si.blogspot.com.zip




Download කරගෙන ප්‍රතිචාරයක් සටහන් කරන්න අමතක කරන්න . එපා.

4 ප්‍රතිචාර:

උකුස්සා said...

නියම වැඩක් සහොදරයා... දිගටම ලියන්න. අපි බොහොම අසාවෙන් මේවා කියවනවා. අමතර දැනුමක් දෙන එක ගැන ඔබට බොහොම ස්තුතියි.

Kasun Nadeeshana said...

@ උකුස්සා
බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට

ruwan said...

ඔන්න එහෙනම් මම පළවැනි පාඩමේ ඉදලම සිහිබුද්ධියෙන් කියෙව්වා
3ds max 2010 එකත් ඔන්න සෙමෙන් සෙමෙන් ටොරෙන්ට් එකට ගෝ වෙනවා වීඩියෝ එක බාගන්න සිද්දවෙන්නෙ මැක්ස් බාගත උනාපස්සෙනේ එහෙනම් ජයවේවා !!!!
පටගාලා ඊලග එකත් කියවන්න ඕනි >>>

Anonymous said...

පට්ට ඈ මචං....

Post a Comment

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.