ගියවර මම කියලා දුන්නා 3Ds Max වල පොලිගන් ක්‍රමය මගින් සරල ත්‍රිමාණ පුටුවක් නිර්මාණය කරන
අකාරය.එහි වීඩීයෝ එකකුත් ලබා දුන්නා. අද කියලා දෙන්න හදන්නේ පොලිගන් ක්‍රමයම භාවිතා කරලා
සරල ත්‍රිමාණ මේසයක් නිර්මාණ කරන විදිහ.
අද මෙහි වීඩීයෝ එක අප්ලෝඩ් කරන්න හැදුවත් නෙට් එක පොඩ්ඩක් ස්ලෝ ඒක නිසා අප්ලෝඩ් කරගන්න බැරි වුනා. මේ පෝස්ට් එක දැම්මෙත් ලොකු ගේමක් දීලා. මේකට අදාල වීඩීයෝ එක ඊලග පොස්ට් එකෙත් දෙන්නම්. ඒ ගැන මේක කියවන අයගෙන් සමාව වෙන්න ඔනේ. ගැටළුවක් තියෙනවා නම් ප්‍රතිචාරයක් දාන්න.
මුලින්ම 3Ds Max විවෘත කරගන්න.කලින් පාඩමේ මෙන්create-->standerd parameters--> Box
යන්න මගින් බොකස් එකක් නිර්මාණය කරගන්න නැතිනම් command panel එකේ create එකේ Box යන්න මගින් Box මගින් Box එකක් නිර්මාණය කරගන්න. command panel එකේ modify ටැබ් එක මගින් parameters පහත පරිදි වෙනස් කරගන්න.

දැන් කලින් පාඩමේ මෙන් Box එක මත Right click කර ලැබෙන් මෙනුවෙන් convert to--> convert to editable polyයන පියවර ඔස්සේ Box එකට පොලිගන් වීධානය ලබා දෙන්න.
දැන් කලින් පාඩමේ මෙන් top view එක මත Right click කර ලැබෙන් මෙනුවෙන් views--> Bottom යන පියවර ඔස්සේ top view එක Bottom view ලෙස පරිවර්ථනය කරගන්න.(ඒBox එකේ යට කොටස් බලා ගැණීම සදහාය) දැන් මේසයේ කකුල් නිර්මාණය කර ගනිමු.
දැන් Bottom view එකේ සිටියදීම modify ටැබ් එකට ගොස් selection යටතේ ඇති පොලිගන් බොත්තම ක්ලික් කරන්න.දැන් key board එකේ ctrl key එක ඔබාගෙන පහත රෑපයේ මෙන් පොලිගන් හතරක් select කරගන්න (select කර ගැනීම යනු ක්ලික් කිරීමයි )
දැන් modify ටැබ් එකේ Extrude බට්න් එක ක්ලික් කර කලින් select කරගත් පොලිගන් එකක් මතට මවුස් එක ගෙන යන්න.එවිට මවුස් අයිකන් එක වෙනස් වෙනු පෙනේ දැන් මවුස් එක ක්ලික් කරගෙනම පහලට අදින්න.අවශ්‍ය තරමට මේසයේ කකුල් දික් කරගත් පසුව මවුස් එක අතහරින්න.
දැන් මේසයක අකෘතියක් නිර්මාණය වී ඇත.
Standed tool Bar එකේ ඇති quik render tool එක මගින් render piview එකක් බලන්න.
පහත අකාරයේ පෙනුමක් ලැබෙනු ඇත. අවේ නැත්නම් කියන්න. :P

මේ ලිපිය පිළිබද ඔබේ ප්‍රතිචාරය සටහන් කරන්න අමතක කරන්න එපා.
6 ප්‍රතිචාර:
elaaa .. tawa monaada hadanna pluwan
පරක්කුවෙනකොට මම හිතුවා සහොදරයා අපිට 3D Max උගන්නන එක නතරකරලා කියලා. දිගටම ඔහොම යං....
@ උකුස්සා
එහෙමත් නතර කරනවද කොච්චර වැඩ තිබ්බත් සතියකට සැරයක් හරි පෝස්ට් එකක් දානවා. බෝහෝම ස්තුතියි ප්‍රතිචාරයට
@ Anonymous
තව ගොඩක් දේවල් කියලා දෙන්නම් ඉස්සරහට.බෝහෝම ස්තුතියි ප්‍රතිචාරයට.
මල්ලි ඔයා කරන්නෙ ගොඩක් හොද දෙයක් ආසාවෙන් බලන් ඉන්නෙ එගෙන ගන්න
මචන් වීඩියෝ ටික Midea fire වලට දානවනම් තමා හොද. කිසි කරදරයක් නැතුව බාන්න පුලුවන්. දැනටමත් files වගයක් download කරන්න බැහැ.
සුපිරි සහෝදරයා .. දිගටම karan yamu
Post a Comment
කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න. ලිපියේ හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.