ගියවර ලිපි කිහිපයකින් 3ds Max වල මූලික තිරයේ කොටස් කිහිපයක් හදුනා ගන්නා ලදි. අද ඉතිරි කොටස් ගෙන අවධානය යොමු කරමු. ගියවර ලිපිවලට පිවිසීමට පහත Link වල Click කරන්න.
1. 1. මුලික තිරය හදුනා ගනිමු I
2. 2. මුලික තිරය හදුනා ගනිමු II
හොදයි මුලින්ම 3ds Max වල දකුණු පස ඇති Command Panels වලට අවධානය යොමු කරමු. (පහත රෑපය බලන්න)
Command Panel වල ඇති ප්‍රධාන කොටස් දෙක හදුනා ගමු.
මුලින්ම ඇති Create Tab එක වේ. මෙයින් සිදු කරනු ලබන්නේ වස්තුන් නිර්මාණය කිරීමයි. මෙම Tab එක තුළ විවිධ කැටගරීස් වලට විවිධ වස්තූන් වෙන් කර ඇත. උදාහරණයක් ලෙසGeometry, Shapes, Lights, cameras , ආදි ලෙස වෙන් කර ඇත.
මීළගට ඇත්තේ Modify Tab එකයි. නිර්මාණය කරනු ලබන වස්තූන් වලට විවිධ වෙනස් කම් සිදු කරනු ලබන්නේ මෙම Tabඑකෙන් වේ.
Command Panel එකේ ඉතිරි කොටස් ගෙන ඉදිරි පාඩම් වලදී හදුන්වාදෙනු ඇත.
දැන් View Port ගෙන හදුනා ගනිමු. View Port යනු 3ds Max තිරයේ Top, Front, Left, Perspective, ලෙස සදහන් වන ඒවයි.(පහල රෑපය බලන්න.එහි නිල් පාටින් දක්වා ඇත්තේView Port වේ.) එනම් එකම වස්තුව පෙනෙන විවිධ පැති වේ. යම් View Port එකක් වටේ කහ පාට ඉරි වලින් වට වී තිබේ නම් එය Active වී තිබීම ලෙස හදුන්වයි. යම් View Port එකක් Active කිරීමට අවශ්‍යය නම් මවුස් එක View Port එක මතට ගෙන ගොස් Right click කරන්න. පහත රෑපයේ Active වී ඇත්තේ Perspective View එකයි.
මීළගට 3ds Max වල දකුණු පස යටින්ම ඇති View Port Navigation Controls ගෙන හදුනා ගනිමු. ( පහත රෑපය බලන්න.)
මෙම Controls භාවිතා කරන්නේ 3ds Max වල View Port පාලනය කිරීමටයි (View Port ගෙන ඉහත හදුන්වා දී ඇත)එහි ඇති Tool එකින් එක හදුනා ගනිමු.
*පහත රෑප බලන්න.
මීළගට Time Line හා Time slider පිළිබදව හදුනා ගනිමු. මෙම Controls පහත රූපයේ දක්වා ඇත.
Time slider මගින් සිදු කරන්නේ ලබන්නේ Animation සිදු කරන විට Time Line එකේ අවශ්‍යය රෑප රාමු වෙත ගෙන යාමයි. මෙය මවුස් එක මගින් ක්ලික් කරගෙන ඇදගෙන යා හැකිය.
Time Line එක 10 කොටස් 10 කට බෙදා ඇත මෙය Animation සිදු කරන විට භාවිතා කරයි.
දැන් 3ds max වල Time Controls එක පිළිබද හදුනා ගනිමු (View Port Navigation Controls වලට වම් පැත්තේ ඇති) (පහත රෑපයේ දක්වා ඇති)
දැන් 3D Studio Max වල මූලික තිරයේ ප්‍රධාන කොටස් සියල්ල හදුනා ගෙන අවසන්. ඉතිරි කොටස් ඉදිරි ලිපිවල සිදුකරනු ලබන අභ්‍යාසවල විස්තර කරනු ඇත. ඊලග ලිපියෙන් හමු වෙමු.
0 ප්‍රතිචාර:
Post a Comment
කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න. ලිපියේ හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.