RSS Feeds

Monday, January 4, 2010

3ds max වල මූලික තිරය හදුනා ගනිමු. - I කොටස

පසුගිය ලිපියෙන් 3ds max install කරන අකාරය කියලා දුන්නා අද 3ds max වල මූලික තිරය හදුනා ගනිමු.

3ds max විවෘත කරගන්න.හොදයි දැන් පහත පීන්තූරයේ තියෙන්නේ 3ds max මුලික තිරය (පෙන්නේ නැත්නම් ක්ලික් කරලා විශාල කරලා බලන්න.)


එහි නම් කර ඇති කොටස් හදුනාගනිමු.




Menu Bar - අනෙක් මෘදුකාංග වගේම තියෙන අංගයකි. File, Edit , view ආදි මේනු වලින් සමන්විතය


Standard tool Bar - 3ds max වල ප්‍රධාන ටූල් බාර් එක වේ. 3ds max වලින් යම් නිර්මාණයක් කිරීමේදී අතවශ්‍යයම ටූල්ස් මෙහි දක්නට ඇත. මේ ටූල් පිළිබදව එකින් එක පිළිබදව සවිස්තරාත්මක විස්තරයක් ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.


Command Panels - මෙම තීරුව Create , Modify, Hierarchy , Motion , Display , Utilities යන කොටු වලින් සමන්විත වේ.


View Port Navigation Controls - මෙම තිරුව මගින් කරන්නේ View Port අපට අවශ්‍ය්‍ය පරිදි පාලනය කිරීමයි උදාහරණයක් විදිහට View Port විශාල කිරීම (Zoom ) සදහන් කරන්න පුළුවන්


Time Controls - මේ Controls වලින් කරන්නේ සජීවීකරණය කීරීම‍ට හා රුප රාමු පාලනය කිරීමයි.


Time Line - කරනු ලබන නිර්මාණවල කාලය නිර්මාණය කරන්නේ මෙමගිනි.මෙය 0 සිට 100 දක්වා කොටස් 10 කට බෙදා ඇත.


Time slider - Time Line එකේ විවිධ ස්ථාන වලට යෑම සදහා මෙය භාවිතා කරයි.


ඉහත දැක්වු 3ds max මුලික තිරයේ කොටස් ගෙන සව්ස්තරාත්මක විස්තරයක් ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.





2 ප්‍රතිචාර:

Anonymous said...

මම මල්ලිට වඩා ගොඩාක් වෑඩිමල්, ඔයා කරන දේ ගොඩාක් වටිනවා, අනික් මිනිස්සු වගෙ නිකන් පල් හෑලි ලියන්නෙ නතුව කටත් ප්‍රයොජනවත් යමක් ඔයා කරන්නෙ.

Kasun Nadeeshana said...

@ Anonymous
බොහෝම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට ඔයා 3ds Max පාවිච්චි කරන කෙනෙක්ද?

Post a Comment

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.