RSS Feeds

Thursday, January 28, 2010

3Ds Max වලින් ත්‍රිමාණ මේසයක් සෑදීමේ පාඩම සදහා වීඩීයෝ එකක්

ගියපාර ලිපියෙන් මම 3Ds Max වලින් ත්‍රිමාණ මේසයක් හදන විදිහ කියලා දුන්නා. නමුත් මගේ නෙට් කනෙක්ෂන් එකේ ඇති වෙච්ච අලයක් නිසා එකේ වීඩීයෝ එක දාන්න බැරි වුනා. අද මම තිරණය කලා වීඩීයෝ එක අප්ලෝඩ් කරන්න.

මෙච්චර කල් මගේ 3Ds Max වීඩීයෝ අප්ලොඩ් කලේ ziddu.com එකට නමුත් ziddu.com එකෙන් file එකක් බාන කොට ඇති වෙන ප්‍රශ්නයක් තමා ‍නෙට් කනෙක්ෂන් එකේ හරි අලයක් හින්දා හරි පරිගණකය රිස්ටාර්ට් උනොත් හරි අර file එකේ බාපු තැන ඉදලා ඉස්සරහට කරගෙන යන්න අමාරුයි. ආයිත් මුල ඉදලා බාන්න වෙනවා. (අපේ රටේ අන්තර්ජාල සේවා දායකයන්ගේ නෙට් කනෙක්ෂන් වල නම් එහේම අල වෙන්නේ නෑනේ :) )

මේක අපලොඩ් කලේ mediafire.com වලට එකේන් නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ප්‍රශ්නයක් වුනොත් කියන්න.

මේ දවස්වල මම 3Ds Max Self Learing Software එකක් හදාගෙන යනවා. දැනට ටිකක් ඉවරයි. ඉතුරු ටිකත් ඉවර කරලා මේ බ්ලොග් එකෙන්ම නොමිලේ දෙන්න බලා පොරොත්තු වෙනවා. ඒක ගොඩක් අයට ප්‍රයෝජන වෙයි කියලා හිතනවා. මේ ගෙන ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර ඉතාමත් වටිනවා.

පහල තියෙන ලිනක් එකෙන් 3Ds Max වලින් ත්‍රිමාණ මේසයක් සෑදීමේ වීඩීයෝ එක Download කරගන්න.


1 ප්‍රතිචාර:

ruwan said...

සියල්ල මැනවින් මොලේට burn උනා
එහෙනම් ජයවේවා !!!!
පටගාලා ඊලග එකත් කියවන්න ඕනි >>>

Post a Comment

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.