RSS Feeds

Monday, February 15, 2010

3D Studio Max සජීවීකරණය අරඹමු.-3ds Max වලින් සරල ඇනිමේෂන් එකක් හදමු.

3D Studio Max වල තියෙන වැදගත් කොටසක් තමයි. සජීවීකරණය (Animation) කියන්නේ.
මෙහිදි මූලික වශයෙන් කරන්නේ නිර්මාණය කරගත් වස්තූන් (Object)වලට විවිධ චලන
ලබා දීමයි.  ත්‍රිමාණ සජීවීකරණ ච්ත්‍රපට, වෙළෙද දැන්වීම් , ගීත වල රෑප රචනාඅදිය සදහා මෙම
සජීවීකරණ බහුල ලෙස භාවිතා කරයි.

අද අපි 3Ds Max වලින් සරල සජීවීකරණයක් සාදා ගන්නා අකාරය ඉගෙන ගනිමු.මීට අදාල
විඩීයෝ පහල ලිනක් එක භාවිතයෙන් භාගත (Download) කරගන්න. (පසුගිය පාඩම් වල ලබා
දුන් වීඩීයෝ වල ධාරිතාව වැඩි වීම නිසා  ඩවුන්ලෝඩ් කිරීමේදි ගැටළු ඇති වුනා. මෙවර
අඩු ධාරිතාවක විඩීයෝ එකක් ලබා දී ඇත.)

3dsMax Basic Animation1.zip(6.45Mb)
මීට අදාල 3DSMax file එක මෙතන ක්ලික් කරලබා ගන්න
 මෙවර සාදා ගැනීමට බලාපොරොත්තු වන්නේ කැරකෙන ලෝක ගෝලයක ත්‍රිමාණ සජීවීකරණයකි.
මම මේ සදහා ගියවර සදාගත් ලෝක ගෝලය භාවිතා කරනවා. එම ලිපිය කියෙව්වේ නැත්නම් මෙතන
ක්ලික් කරලා ඒක බලන්න.

මුලින්ම 3Ds Max Open කරගෙන file--> Open මගින් සාදා ගත් ලෝක ගෝලය Open කරගන්න.
 
මුලින්ම ලෝක ගෝලය ඉදිරියට එන අකාරය සජීවීකරණය කරමු. ඒ සදහා select and Move tool එක
භාවිතා කර පහත තිර සටහනේ අකාරයට ලෝක ගෝලය  මදක් පසුපසට කරගන්න.
 
දැන් 3Ds Max වල තිරයේ පහලින්ම Auto key නමින් බට්න් එකක් දකින්න පුළුවන්. දැන් එම බට්න්
එක Click කරන්න. එවිට Time line එක රතු පාට වේවි.(මෙය Auto key එක Active කිරීම ලෙස හදුන්වයි.)
දැන් Time line එක frame 80 ට ගෙන එන්න(මේ සදහා time slider එක drag කරන්න)
දැන් ගෝල select and Move tool එක භාවිතා කර ලෝක ගෝලය y අක්ෂය ඔස්සේ මදක් ඉදිරියට
ගෙන එන්න(පහත තිර සටහන බලන්න)
දැන් Time line එ‍කේ frame 0 සහ frame 80 යන ස්ථාන වල රතු පැහැති කොටස් දෙකක් නිර්මාණය වී තිබේවි. (මේවා key frame ලෙස හදුන්වනු ලබයි)

දැන් Auto key බට්න් එක නැවත ඔබා එය Inactive කර දකුණු පස ඇති Play button එක මගින් Play කර බලන්නදැන් ලෝක ගෝලය ඉදිරියට පැමිණෙන අකාරය පෙනේවී.(මේ අවස්ථාවේ Perspacive view එක Active කරගන්න)

දැන් අපි ලෝක ගෝලය කැ‍රකෙන අකාරයේ සජීවීකරණය සාදමු. ඒ සදහා Auto key එක Active කර
Time line එක frame 70  ට ගෙන යන්න දැන් select and rotate tool එක මගින් ලෝක ගෝලය වටයක්
කරකවා ගන්න. දැන් Play button එක මගින් Play කර බලන්න. ගෝල ගෝලය කැරෙකිමින් ඉදිරියට
එන අකාරය දක්නට ලැබේවී.

දැන් ඔබට අවබෝධ වෙවී මෙම Auto key එක Active කර තිබෙනවිට සිදු කරනු ලබන එහා මෙහා කිරීම් (Move) හෝ කරකැවීම් (rotate ) සජීවීකරණයක් සදා ගත හැකිබව 3D Studio Max වල සජීවීකරණයන් සදහා මෙම Move සහ rotate කිරීම් වලට අමතරව තවත් ක්‍රම රාශියක් යොදා ගනී. ඒවා ගෙන ඉදිරියේදි කියලා දෙන්නම්. එහෙනම් ඊලග ලිපියෙන් හමු වෙමු.මේ පාඩම පිළිබද ඔබගේ අදහස හෝ ගැටළු ඉදිරිපත් කරන්න.
එහෙනම් ඔබට ජය.!

8 ප්‍රතිචාර:

උකුස්සා said...

මේ පාඩම් මාලාව ඉදිරිපත් කිරිම පිලිබදව ඔබට ස්තුතියි

Saranga Rathnayake said...

පට්ට පට්ට, වෙලාවක් ලැබුනම මුල ඉඩ්ඳලම කරන්න ඕන.

Kasun Nadeeshana said...

@ උකුස්සා
@ Saranga Rathnayake

බොහො‍්ම ස්තුතියි ප්‍රතිචාරවලට.

Anonymous said...

මැක්සා... එල එල..
අර සිංහ කොඩිය ලෙල දෙන වැඩේ කරන්න අමාරුද? මේ වගේ ලේසි ඒවගෙන්ම යං..

Kasun Nadeeshana said...

@arunaweerasinghe
ඉක්මනින් දාන්නම්. මේක හදා ගත්තද. දිගමට මේ බ්ලොග් එක කියවන්න. හොද හොද වැඩ ඉස්සරහට

Pissa said...

ඔබට සැබෑවටම ස්තූතියි මේ පාඩම් මාලාව ඉදිරිපත් කිරීම ගැන

Kasun Nadeeshana said...

@
Pissa
බෝහෝම ස්තුතියි

Dhanushka said...

මේ පාඩම් මාලාව ඉදිරිපත් කිරීම ගැන බොහොම සතු‍ටුයි.....

Post a Comment

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.