RSS Feeds

Sunday, February 21, 2010

Path එකක් දිගේ ගෝලයක් ගමන් කරවමු.- 3ds max සජීවීකරණය -

ගියපාර ලිපියෙන් මම කියලා දුන්නා සරල සජීවීකරණයක් සිදු කරගන්නා අකාරය.අදත් මම කියලා දෙන්න හදන්නේ 3ds Max වල තියෙන තවත් සජීවීකරණ ක්‍රමයක් ගෙන. මේකෙන් කරන්නේ යම් පාත් එකක් නැත්තම් ලයින් එකක් දිගේ වස්තුවක් ගමන් කරවලා සජීවීකරණයක් සිදු කරගන්නා අකාරය. garupale

මේ පාඩමට අදාල වීඩීයෝ එක පහල ලිනක් එක මගින් බාගත කර ගන්න.

3ds max path animation. zip (5.15 mb)

මෙයට අදාල 3ds Max file එක මෙතන ක්ලික් කරලා බාගත කරගන්න.

මුලින්ම 3ds Max open කරගෙන එහි command panels එකේ create යටතේ shape යටතේ තියෙන line කියන එක ක්ලික් කරන්න. දැන් command panels එකේම පහල තියෙන initial type යටතේ Conner කියන radio button එකත් drag and drop යටතේ smooth කියන එකටත් ටික් එක දලා front view එකේ මවුස් එකේ රයිට් ක්ලික් කරලා front view එක ඇක්ටිව් කරගන්න.
දැන් මවුස් එක ක්ලික් කර අවශ්‍ය තැන් වලදි තවත්වා පහත තිර සටහනේ අකාරයට line එකක් front view එක මත ඇදගන්න. වැරැද්දක් වුවහොත් පසුපසට ගැනීමට Backspace key එක භාවිතා කරන්න.( line එක අදින විදිහ අපැහැදිලි නම් කියන්න.)garupale
දැන් අපි පාත් එක දිගේ යෑම සදහා ගෝලයක් (sphere) එකක් නිර්මාණය කර ගනිමු. ඒ සදහා command panels එකේ create යටතේ Geometry යටතේ ඇති sphere යන්න ක්ලික් කර sphere එකක් front view එක මත ඇදගන්න. දැන් Move tool එක මගින් ගෝලය (sphere) එක select කර command panels එකේ රෝදයක් වැනි සලකුණක් ඇති Motion Tab එක ක්ලික් කරන්න.

දැන් එහි Assign controller යන්න ඉදිරියෙන් ඇති ධන ලකුණ ක්ලික් කරන්න. එවිට පහලට විවිර වන බොක්ස් එකේ Position යන්න තෝරා එයට ඉහලින් ඇති ප්‍රශ්නාර්ථ ලකුණ මත ක්ලික් කරන්න.

එවිට පැමිණෙන ඩයලොග් බොක්ස් එකෙන් Path constrain යන්න තෝරා OK කරන්න.
දැන් command panels එකේ පහල path parameters යටතේ ඇති Add path යන්න ක්ලික් කර අප නිර්මාණය කරගත් ලයින් එක මත ප්‍රවේශ‍මෙන් ක්ලික් කරන්න. දැන් ක්ෂණිකව ගෝලය ‍ලයින් එක මතට පැමිණේ.
Add path යන්නට පහලින් Target යන්න යටතේ ඇති බොකස් එකේ line 01 යනුවෙන් අප තෝරා ගත් ලයින් එක ඇතුලත් වී තිබෙනු දක්නට පුළුවන්.

දැන් ටයිම් ලයින් එකේ 0 සහ 100 රතු පැහැයෙන් Key frame දෙකක් නිර්මාණය වී තිබෙනු දක්නට පුළුවන්.
දැන් perspective view එක ඇක්ටිව් කර(මවුස් එකේ රයිට් ක්ලික් කර) play button එක ක්ලික් කර බලන්න.
අප නිර්මාණය කරගත් ලයින් එක මතින් ගෝලය (sphere) පැමිණෙන අකාරය දක්නට ලැබේ.
අද පාඩමේ ගැටළු ඇත්නම් ඉදිරිපත් කරන්න. මීලග පාඩමෙන් 3ds Max වලින් නිර්මාණය කරගත් සජීවීකරණයක් වීඩීයෝ දර්ශනයක් බවට පත් කරගන්නාඅකාරය කියලා දෙන්නම්. ඔබට ජය!babaigarupale




2 ප්‍රතිචාර:

Anonymous said...

den ethakota line eka peenne nethi karanne kohomada. Giya sere loka gole map eka thibune ne. pe paarath ehemada danne ne

Kasun Nadeeshana said...

@ Anonymous
මේක ලයින් එක පෙනුනට ප්‍රශ්නයක් නෑ. මේක වීඩීයෝ පයිල් එකක්
කලහම ඒක පෙන්නේ නෑ. perspective view එකේ ඉන්න කොට f9 ගහලා බලන්න. ලයින් එක පෙන්නේ නෑ. :P

ලෝක ගෝලේ මැප් එක මේ ලිනක් එකේ ලිපියෙන් http://3dsmax-si.blogspot.com/2010/02/3d-studio-max-matirial-editor.html දීලා තියෙනවා. ගිහිල්ලා බලන්න.
:D

Post a Comment

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.