RSS Feeds

Monday, April 5, 2010

3Ds Max Lighting - 3Ds Max අලෝකකරණය

මුලින්ම 3D Studio Max සිංහලෙන් බ්ලොග් එක ටික කාලයක් ලියන්න බැරි වීම පිළිබද සමාව ඉල්ලනවා. මේකට හේතු වුනේ වීඩීයෝ රෙකොඩින් කිරීම සදහා වෙලාවක් නොතිබීමයි.ඒ පිළිබදව මේ බ්ලොග් එක කියවන සැමගෙන් සමාව ඉල්ලා සිටිනවා. හරි එහෙනම් පාඩමට යමු.


අද මම කියලා දෙන්න හදන්නේ 3Ds Max වල තියෙන අලෝකකරණය ගෙනයි.සමාන්‍යයෙන් වීඩීයෝ නිර්මාණයක්, චිත්‍රපටයක් නිර්මාණය කරන විටත් අලෝකකරණය සිදු කරනු ලබනවා. 3Ds Max වලදීත් ඒ අකාරයටම නිර්මාණය කරන වස්තූන් වලට අලෝකය ලබා දීම සදහා අලෝකකරනය භාවිතා කරනවා.3Ds Max වලදී විවිධ අකාරයේ Lights දක්නට ලැබෙනවා.ඒවායේ ගුනාංග විවිධ වේ. මුල්ම අලෝක කරණ පාඩම ලෙස සරල ගණකයක් (Box) නිර්මාණය කර එයට අලෝකය (Lights) එක් කරගන්නා අකාරය බලමු.

මෙයට අදාළ වීඩීයෝ එක පහල ලිනක් එක අධාරයෙන් Download කරගන්න.

                                                          3ds Max Lighting.zip   (4.77mb)
                                                             D        
                                                                Download Now                            

(මෙවර වැඩි High quality හා ධාරිතාවය අඩු ෆයිල් එකක් ලබා දී ඇත. මෙහි ඇති .HTML file එක අධාරයෙන් මෙය Play කරගත හැකිය.මේ සදහා Adobe flash Player එක මෙතනින් ලබා ගන්න.)

මුලින්ම 3Ds Max Open කරගන්න. දැන් Plane එකක් Top view එක මත නිර්මාණය කරගන්න.මේ සදහා කැමති Parameters යොදා ගන්න.ඊට පස්සේ කලින් නිර්මාණය කරගත් Plane එක මත Box එකක් නිර්මාණය කරගන්න . Box එක සදහාත් කැමතිParameters යොදා ගන්න. පහල වගේ 
දැන් අපි බලමු මේ සදහා Light එක් කරගන්නා අකාරය.ඒ සදහා Command panel එකේ Create tab එකේ Light යන්න ක්ලික් කරන්න එවිට විවිධාකාරයේ  Lights වර්ග දක්නට ලැබේ.
එයින් Omni කියන Lightඑක නිර්මාණය කරගමු. ඒසදහා Omini  යන්න ක්ලික් කර Front view එක මත කලින් නිර්මාණය කරගත් Box එකට මදක් ඉහලින් ක්ලික් කරන්න. 
එවිට Omni වර්ගයේ Light එකක් Box එකට ඉහලින් නිර්මාණය වේ.එය නිර්මාණය කර ගත් සැනින් වස්තූන් සියල්ල අදුරු වේ. දැන් Move tool එක මගින් Omni Light එහා මෙහා කර බලන්න. අලෝකය එහා මෙහා වනු දක්නට ලැබෙනු ඇත.මේ  Lightඑක මගින් Box එකේ හෙවනැල්ල  Plane  එක මතට වැටෙන අකාරයට සකස් කරන අකාරය බලමු. ඒ සදහා Light එක select කර Command panel එකේ Modify  tab එක ක්ලික් කරන්න. එවිට Light එකේ විවිධ වෙනස් කම් සිදු කරගත හැකි panel එකක් දිස් වේ.‍
එහි General parameters යටතේ Shadow යන්න ඉදිරයෙන් ඇති චෙක් බොකස් එක මතට හරි ලකුණ යොදන්න. 
දැන් Perspective view port එක ඇක්ටිව් කරගෙන(view port එක මත රයිට් ක්ලික් කර) F9 හෝ Standard tool bar එකේ ඇති Quick render button එක මගින් preview එකක් බලන්න පහල වගේ සෙවැනැල්ලක් නිර්මාණය වී තිබෙනු දක්නට ලැබෙනු ඇත.
අද පාඩමෙන් 3Ds Max නිර්මානයක් සදහා  Light එකක් නිර්මාණය කරගන්නා අකාරය ඉගෙන ගත්තා ඊලග ලිපියෙන් 3Ds Max වල කැමරාකරණය ගෙන ඉගෙන ගනිමු. එහෙනම් ඔබට ජය!

9 ප්‍රතිචාර:

Kasun Nadeeshana said...

Download link එකේ ඇතිවූ දෝෂය නිවැරදී කරන ලදි.

FOX Creationz said...

3D MAX purudu wenna hithagena hitiyath hamadama wena wadath ekka eka passata yanawa.. Meka mata godak prayojanawath wewi..
Thawa thawath hodata meka karan yanna magen Suba Pathum Yaluwa!!!!

Kasun Nadeeshana said...

@ (ෆොක්ස් Creationz)
ඉදිරියටත් ලිපි ලියනවා. ඒවා බලලා පුරුදු වෙන්න. ස්තුතියි ප්‍රතිචාරයට

Shenya de Silva said...

මෙහෙම කිව්වට තරහ වෙන්න එපා
ආලෝකකරණයේදී පාවිච්චි වෙන techniques , terms , ගැන එහෙම ටිකක් විස්තර තිබ්බනම් හොඳයි කියල හිතනවා. මොකද 3Ds Max Help වල තියෙන විස්තර බාගෙට බාගයක්ම ඉංග්‍රීසි දැනගත්තත් තේරෙන්නේ නෑ. Ambiance කියන එකේ තේරුම හොයන්න විතරක්ම ගිහිල්ල මට පිස්සු හැදුන! මම හිතනවා ආලෝකකරණය ගැන තවත් පාඩම් ඉදිරියට තියෙයි කියල. මොනවා වුනත් කරන්නේ නියම වැඩක්!!


@(ෆොක්ස් Creationz)
"3D MAX purudu wenna hithagena hitiyath hamadama wena wadath ekka eka passata yanawa"

lol!

3Ds MAx karanna gaththama wena wada amathaka wenawa!!

Kasun Nadeeshana said...

@ Shenya de Silva
ඔව් ඒක ඇත්ත. 3ds max වල භාවිතා වෙන ඉංග්‍රීසී වචන වලට සිංහල තෙරුම බැලුවොත් අදහසක් ගන්න අමාරුයි. ඉදිරියටත් අලෝකකරණය ගෙන පෝස්ට් දාන්නම්.

ඔයා කියනවා වගේ 3ds max කරන්න ගත්තම වෙන වැඩ අමතක වෙනවා.:D

ayesha said...

අදයි මේක දැක්කේ 3D Max පොඩ්ඩක් දන්නවා. ඉගෙන ගන්න තව කැමතියි. උදවු කරයි කියලා හිතනවා.

කංචු said...

මචෝ ඔහොම යං ඔහොම යං...... මමත් 3D Max ටිකක් ඉගෙන ගන්න ආසාවෙන් හිටියෙ...

bestbuyaliexpress said...

හොද වැඩක් මචං..
අපි තනි තනියෙන් හිටියොත් ලංකාවට වැඩක් වෙන්නෙ නැ..
අපි ඒකතු වෙමු...
ෆිට් නෙ...

අපි 5ක් ඒකතු වෙලා විශෙෂ ප්‍රයොග special Fx
වලට ඒකක් හදනවා
http://lankavfx.blogspot.com

http://www.youtube.com/user/LANKAVFX?feature=mhee#p/u/17/mwa40ldnNJA

පරිගණක ඉගි said...

ඔයා කරගෙන යන වැඩෙ සුපිරි
3d max වලින් මිනිස් ශරීරයක් modeling කරන හැටි කියලා දෙන්න පුලුවන්ද?

Post a Comment

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.