ත්‍රිමාණ ලෝකයට පිවිසෙන්න.3D Studio Max පාඩම් මුල සිට සරලව සිංහලෙන්.
Thursday, January 28, 2010
3Ds Max වලින් ත්‍රිමාණ මේසයක් සෑදීමේ පාඩම සදහා වීඩීයෝ එකක්
මෙච්චර කල් මගේ 3Ds Max වීඩීයෝ අප්ලොඩ් කලේ ziddu.com එකට නමුත් ziddu.com එකෙන් file එකක් බාන කොට ඇති වෙන ප්‍රශ්නයක් තමා නෙට් කනෙක්ෂන් එකේ හරි අලයක් හින්දා හරි පරිගණකය රිස්ටාර්ට් උනොත් හරි අර file එකේ බාපු තැන ඉදලා ඉස්සරහට කරගෙන යන්න අමාරුයි. ආයිත් මුල ඉදලා බාන්න වෙනවා. (අපේ රටේ අන්තර්ජාල සේවා දායකයන්ගේ නෙට් කනෙක්ෂන් වල නම් එහේම අල වෙන්නේ නෑනේ :) )
මේක අපලොඩ් කලේ mediafire.com වලට එකේන් නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ප්‍රශ්නයක් වුනොත් කියන්න.
මේ දවස්වල මම 3Ds Max Self Learing Software එකක් හදාගෙන යනවා. දැනට ටිකක් ඉවරයි. ඉතුරු ටිකත් ඉවර කරලා මේ බ්ලොග් එකෙන්ම නොමිලේ දෙන්න බලා පොරොත්තු වෙනවා. ඒක ගොඩක් අයට ප්‍රයෝජන වෙයි කියලා හිතනවා. මේ ගෙන ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර ඉතාමත් වටිනවා.
පහල තියෙන ලිනක් එකෙන් 3Ds Max වලින් ත්‍රිමාණ මේසයක් සෑදීමේ වීඩීයෝ එක Download කරගන්න.
Sunday, January 24, 2010
3Ds Max වලින් සරල ත්‍රිමාණ මේසයක් නිර්මාණය කරගනිමු


Thursday, January 14, 2010
3dS Max වලින් සරල නිර්මාණයක් සිදු කරමු
අද 3dS Max වලින් ආරම්භක අභ්‍යාසය ලෙස පොලිගන් ක්‍රමයෙන් සරල ත්‍රිමාණ පුටුවක්
නිර්මාණය කරමු.(මේ සම්බන්ධව වීඩීයෝ එකක් පහල ලබා දී ඇත)
3dS Max වලින් බොහෝ විට වස්තූන් නිර්මාණය කිරීමේදී යොදා ගනු ලබන්නේමූලික හැඩතල(ගණක ,සිලින්ඩර,ගෝල වැනි දේ) නිර්මාණය කර විවිධ විධාන මගින්ඒවා සියුම් ලෙස කිරීමෙනී.ත්‍රිමාණ මිනිස් අකෘති හා යාන වාහන වැනි මේ ඉතා සංකිර්ණ වස්තූන් ද මෙලෙස නිර්මාණය කර ගනී.මෙලෙස ත්‍රිමාණ අකෘති නිර්මාණයට පොලිගන් ක්රමයද බෝහෝ විට යොදා ගනී
මොකක්ද මේ පොලිගන් (polygon) ක්‍රමය කියන්නේ.
පොලිගන් ක්‍රමයේදී මූලික වශයෙන් සිදු කරනු ලබන්නේ මූලික ජ්‍යමිතික හැඩතලයක් ගෙන
එය අවශය පරිදි වෙනස් කර අපට අවශය වස්තුව නිර්මාණය කර ගැනීමයි.මෙම නිර්මාණයේදී
මෙම ක්‍රමය පැහැදිලි වනු ඇත. (වීඩීයෝ එක බලන්න)
පොලිගන් ක්‍රමය මගින් සරල පුටුවක අකෘතියක් නිර්මාණය කිරීම.
මුලින්ම 3dS Max විවෘත කරගන්න.ඉන් පසු comand panel එකේ create යටතේ ඇති Box යන්න click කර Top view එක Active කර ඒ මත Box එකක් ඇද ගන්න(අපහැදිලි නම් වීඩීයෝ එක බලන්න)
ඉන් පසුව comand panel එකේ modify ටැබ් එකට ගොස් එහි parameters යටතේඇති. අගයන් සදහා පහත අගයන් ලබා දෙන්න.
මුලින්ම පුටුවේ කකුල් නිර්මාණය කර ගනිමු. මෙහිද සිදු කරනු ලබන්නේ Box එකේ යට පැත්තේ කොන් හතරේ ඇති පොලිගන් දික් කර පුටු කකුල් නිර්මාණය කර ගැනීමයි.දැන් select and Move tool එක මගින් Box එක තෝරා බෝකස් එක මත Right click කර ලැබෙන මේනු එකෙන් Convert to ---> Editable poly යන විධානය ලබා දෙන්න.
Box එකේ යට පැත්ත බලා ගැනීමට Top view එක Bottom view එක ලෙස පරිවර්ථර්නය කර ගනිමු. ඒ Box එකේ යට පැත්ත බලා ගැනීමටයි. ඒ සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.ඉන් පසුව Top view එකේ Top යනුවෙන් නම් කර ඇති ස්ථානයට මවුස් එක ගෙනගොස් Right click කර view යටතේ ඇති Bottom යන්න තෝරන්න.
comand panelඑකේ selection යටතේ ඇති රතු පැහැති polygon නම් කොටුව තෝරා
පහල රෑපයේ දැක්වෙන අකාරයට Box එකේ පොලිගනයක් හතර කී බෝඩ් එකේ Crt key එක ඔබාගෙන
තොරාගන්න(අපහැදිලි නම් වීඩීයෝ එක බලන්න)
දැන් comand panel එකේ ඇති Extrude යනුවෙන් ඇති බට්න් එක තෝරා select කරන ලද පොලිගනයක් අසලට ගෙන එන්න.එවිට මවුස් පොයින්ට් එක මාරු වේ. දැන් මවුස් එක ක්ලික් කරගෙනම පහලට අදින්න. අවශ්‍ය පරිද ඇද මවුස් එක අතහරින්න.දැන් පුටු කකුල් නිර්මාණය වී තිබේවි.
පුටුවේ ඇන්ද නිර්මාණය සදහාද මෙම විධානයම යොදා ගත හැකිය. ඒ සදහා පහත පෙන්වා තිබෙන පොලිගන් තෝරා පෙර පරිදි Extrude විධනය මගින් පුටුවේ ඇන්දද නිර්මාණය කරගන්න.දැන් සරල ත්‍රිමාණ පුටුවක අකෘතියක් නිමවා අවසන්
මේ පිළිබදව ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න.ඊලග ලිපියෙන් මෙවැනිම අභ්‍යාසයක් බලා පොරොත්තු වන්න. පහල ඇති ලිනක් එක මගින් වීඩීයෝ බා ගන්න.
Download කිරීම සදහා ලිනක් එක මත click කරන්න(Download කිරීම ගැටළු සහිත නම් ප්‍රතිචාරයක් දාන්න)
3dsMaxlessonmodeling3dsmax.si.blogspot.com.zip
Wednesday, January 13, 2010
3D Studio Max මූලික කරුණු ගෙන වීඩීයෝ එකක්

මම 3D Studio Max ඉගෙන ගත්තේ තනියම ඊට පස්සේ වැඩිදුර කොටස් නෙට් එකෙන් තමයි ඉගෙන ගත්තෙ.

වීඩීයෝ එකේ නම් සද්දේ පොඩ්ඩක් විතර අඩුයි. ඊලග වීඩීයෝ එකෙන් ඒක හරිගස්සගන්නම්. පලවෙනි වීඩීයෝ එකනේ.

පහල තියෙන ලින්ක් එක ක්ලික් කරලා .swf පයිල් ඒක බාගන්න.
මේක Rar පයිල් එකක් විදිහට තමයි තියෙන්නේ ඒක Estrac කර ගන්න. .swf එක නම් vlc Player එකේ හරි Stom codec වගේ Player වලත් Play වෙනවා. ගැටළුවක් උනොත් ප්‍රතිචාරයක් දාන්න.
නැතනම් Rar පයිල් එකේ තියෙන .html පයිල් එක web Browser එකෙන් Open කරන්න.
ගැටළුවක් උනොත් ප්‍රතිචාරයක් දාන්න.
බාගෙන ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා.
Wednesday, January 6, 2010
3Ds Max වල මූලික තිරය හදුනාගනිමු - අවසාන කොටස
ගියවර ලිපි කිහිපයකින් 3ds Max වල මූලික තිරයේ කොටස් කිහිපයක් හදුනා ගන්නා ලදි. අද ඉතිරි කොටස් ගෙන අවධානය යොමු කරමු. ගියවර ලිපිවලට පිවිසීමට පහත Link වල Click කරන්න.
1. 1. මුලික තිරය හදුනා ගනිමු I
2. 2. මුලික තිරය හදුනා ගනිමු II
හොදයි මුලින්ම 3ds Max වල දකුණු පස ඇති Command Panels වලට අවධානය යොමු කරමු. (පහත රෑපය බලන්න)
Command Panel වල ඇති ප්‍රධාන කොටස් දෙක හදුනා ගමු.
මුලින්ම ඇති Create Tab එක වේ. මෙයින් සිදු කරනු ලබන්නේ වස්තුන් නිර්මාණය කිරීමයි. මෙම Tab එක තුළ විවිධ කැටගරීස් වලට විවිධ වස්තූන් වෙන් කර ඇත. උදාහරණයක් ලෙසGeometry, Shapes, Lights, cameras , ආදි ලෙස වෙන් කර ඇත.
මීළගට ඇත්තේ Modify Tab එකයි. නිර්මාණය කරනු ලබන වස්තූන් වලට විවිධ වෙනස් කම් සිදු කරනු ලබන්නේ මෙම Tabඑකෙන් වේ.
Command Panel එකේ ඉතිරි කොටස් ගෙන ඉදිරි පාඩම් වලදී හදුන්වාදෙනු ඇත.
දැන් View Port ගෙන හදුනා ගනිමු. View Port යනු 3ds Max තිරයේ Top, Front, Left, Perspective, ලෙස සදහන් වන ඒවයි.(පහල රෑපය බලන්න.එහි නිල් පාටින් දක්වා ඇත්තේView Port වේ.) එනම් එකම වස්තුව පෙනෙන විවිධ පැති වේ. යම් View Port එකක් වටේ කහ පාට ඉරි වලින් වට වී තිබේ නම් එය Active වී තිබීම ලෙස හදුන්වයි. යම් View Port එකක් Active කිරීමට අවශ්‍යය නම් මවුස් එක View Port එක මතට ගෙන ගොස් Right click කරන්න. පහත රෑපයේ Active වී ඇත්තේ Perspective View එකයි.
මීළගට 3ds Max වල දකුණු පස යටින්ම ඇති View Port Navigation Controls ගෙන හදුනා ගනිමු. ( පහත රෑපය බලන්න.)
මෙම Controls භාවිතා කරන්නේ 3ds Max වල View Port පාලනය කිරීමටයි (View Port ගෙන ඉහත හදුන්වා දී ඇත)එහි ඇති Tool එකින් එක හදුනා ගනිමු.
*පහත රෑප බලන්න.
මීළගට Time Line හා Time slider පිළිබදව හදුනා ගනිමු. මෙම Controls පහත රූපයේ දක්වා ඇත.
Time slider මගින් සිදු කරන්නේ ලබන්නේ Animation සිදු කරන විට Time Line එකේ අවශ්‍යය රෑප රාමු වෙත ගෙන යාමයි. මෙය මවුස් එක මගින් ක්ලික් කරගෙන ඇදගෙන යා හැකිය.
Time Line එක 10 කොටස් 10 කට බෙදා ඇත මෙය Animation සිදු කරන විට භාවිතා කරයි.
දැන් 3ds max වල Time Controls එක පිළිබද හදුනා ගනිමු (View Port Navigation Controls වලට වම් පැත්තේ ඇති) (පහත රෑපයේ දක්වා ඇති)
දැන් 3D Studio Max වල මූලික තිරයේ ප්‍රධාන කොටස් සියල්ල හදුනා ගෙන අවසන්. ඉතිරි කොටස් ඉදිරි ලිපිවල සිදුකරනු ලබන අභ්‍යාසවල විස්තර කරනු ඇත. ඊලග ලිපියෙන් හමු වෙමු.
ආයුබෝවන්
ලිපි
-
▼
2010
(13)
-
▼
January
(8)
- 3ds Max ස්ථාපනය කිරීම හා Activation කිරීම
- 3ds max වල මූලික තිරය හදුනා ගනිමු. - I කොටස
- 3ds max වල මූලික තිරය හදුනා ගනිමු. - II කොටස
- 3Ds Max වල මූලික තිරය හදුනාගනිමු - අවසාන කොටස
- 3D Studio Max මූලික කරුණු ගෙන වීඩීයෝ එකක්
- 3dS Max වලින් සරල නිර්මාණයක් සිදු කරමු
- 3Ds Max වලින් සරල ත්‍රිමාණ මේසයක් නිර්මාණය කරගනිමු
- 3Ds Max වලින් ත්‍රිමාණ මේසයක් සෑදීමේ පාඩම සදහා වීඩ...
-
▼
January
(8)
මාතෘකා
ආපු තැන්
ආපු ගණන hit counter
මූණ පොතේ 3D Studio Max සිංහලෙන්
මා ගෙන
මිතුරෝ
Blogger Showcase - Submit Your Blog Blogger Templates created by Deluxe Templates
Wordpress theme by Site5